gossip lanka news line gossip lanka news line
lankahotnews.com lankahotnews.com lankahotnews.com
lankahotnews.com lankahotnews.com
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා දැල් අණ පනත් කඩකල තිදෙනෙක් අත්අඩංගුවට

උඩප්පුව පුනපිටිය මුහුදු තීරයේ වෙරළට හානි වන අයුරින් මාදැල් කර්මාන්තයේ නිරත වු ධීවරයින් තිදෙනෙකු සමඟ ට්‍රැක්ටර් තුනක්  තම්බපන්නි නාවික නිලධාරින් සහ පුත්තලම ධීවර නිලධාරින් එක්ව කල වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(16) අත්අඩංගුවට ගත් සැකකරුවන් උඩප්පුව පුනපිටිය පදිංචිකරුවන් බවත් මොවුන් 1985 මා දැල් නියෝග මාලාව කඩ කරමින් මාදැල් රැකියාවේ නිරත වී ඇති බව කියයි.

එසේම මෙම සැකකාර ධීවරයින් වෙරළ තිරයට බරපතල ලෙස හානි වන ලෙස ට්‍රැක්ටර් වෙරළ තීරයේ එහා මෙහා ගමන් කරමින් ට්‍රැක්ටර් වල සවිකර ඇති කුඩා දොඹකර ( වින්ච්) ආධාරක යොදා ගනිමින් මා දැල් කර්මාන්තයේ යෙදී සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල වැටලීම පුත්තලම තම්බපන්නී නාවික කඳවුරේ නිලධාරින් විසින් සිදුකර ඉදිරි පරීක්ෂණ සඳහා ධීවර සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දී තිබේ.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට අද(17) දින ඉදිරිපත් කිරීමට නියමිතය.
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka