උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා හමුවී තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
උතුරේ දෙමළ ජනතාවගේ දේශපාලන සහ සංවර්ධන ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
රාගවන් මහතා ආණ්ඩුකාර ධුරයට පත්විමෙන් අනතුරුව විග්නේෂ්වරන් මහතා ඔහු හමු වූ පළමු අවස්ථාව මෙයයි.
මේ අතර උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා උතුරේ සර්ව ආගමික නායකයින් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
විග්නේෂ්වරන් උතුරු පළාත් නව ආණ්ඩුකාර හමුවෙයි
2019-01-16T19:26:00-08:00
Lanka Hot News